23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අද දිනයේදී ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව සම්මත කර ගනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සෙංකොලය නොතිබූ බවත් ඒ හේතුවෙන් අද දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ කිසිදු වලංගු භාවයක් නැති බවයි.

Related posts

ස්ත්‍රී දූෂණයක් යට ගහන්න නීතිපති දෙපාර්තමේන්තුවේ බල තල උපරිම යොදවලා! මන්ත්‍රීවරු පිරිසක් අගමැතිට ලිපියකින් දැනුම්දෙයි

Shiran Viraj

ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

Shiran Viraj

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj
Translate »