27.2 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පවසා සිටියේ මෙම සිද්ධිය විදෙස් රටක සිදුව ඇති බැවින්, තම අධිකරණයට විදෙස් ගමන් තහනමක් පැනවිය නොහැකි බවයි.
1998 වසරේ දී කොරියාවේ තේගු ප්‍රදේශයේ ගුමා අධිවේගී මාර්ගයේ වයස අවුරුදු 18ක තරුණියක් ඝාතනය කර දමා තිබිය දී සිරුර සොයා ගැනුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙයට සම්බන්ධ බවයි. ඒ අනූව, කොරියානු රජයෙන් කළ රාජතාන්ත්‍රික ඉල්ලීමකට අනූව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනු ලැබයි.
 මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනා දැනට ශ්‍රී ලංකාව තුළ සිටින බවට හෙළි වී ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

Shiran Viraj

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Shiran Viraj

ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..

Shiran Viraj
Translate »