28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද ලබන වසරේ සිට ඉහළ දැමිමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

අදාළ බෝග වර්ග මෙරට නිෂ්පාදනය කිරීම සඳහා දේශිය ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවලින් බඩ ඉරිගු, උඳු, රටකජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කරන අතර ඒ සඳහා විශාල විදේශ විනිමයක් වැය කරයි.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී වැයවන විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා ලබන වසර තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ සදහා අදාළ බෝග වගා කරන දේශිය ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

තායිලන්තයේ 'රොජානා' මිල්ලනියට එයි

Shiran Viraj

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

Shiran Viraj

තැපැල් සේවය රෑ සිට නෑ

Shiran Viraj
Translate »