23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුධකාරී ගැටළු මුල්කර ගනිමින් 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නියෝග කර තිබෙනවා. ඒ අනුව එම විගණන කටයුතු පැවරී තිබෙෙන Ernst and Young විගණන සමාගම විසින් අදාල විගණන කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (08)  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පමිණ ඇති අතර  2013 වසරේ සිට 2018 වසර දක්වා ක්‍රිකට් තරග විකාශන අයිතිය සම්බන්ධයෙන්වූ ගනුදෙනු සහ ඒ ආශ්‍රිත මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් විගණන කටයුතු කරන බවද සඳහන්.
මේ හේතුවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිකරගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර අයි සී සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (08) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින දඹුල්ල කන්ඩලම හෝටලයට පැමිණ එහි සිටි  ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේ

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj
Translate »