mediahumanrights.lk
News Political

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය ක්‍රියාත්මක කරන  ලෙසත්  තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේ‍්ශයේ ඉදි කරන ලද නව සේවා පියස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ විවෘත විය.

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 04 ක දුර රථවාහන පෙළපාලියකින් අමුත්තන් කැදවාගෙන එනු ලැබීය.

මෙම සේවා පියස පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත ඉදිකර ඇත. උත්සවයෙන් පසු විශ්ව ළමා දිනය වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, රෝද පුටු පරිත්‍යාග කිරීම, සහ වියළි සළාක පරිත්‍යාග කිරීමක් ද සිදු විය.

එහිද අදහස් දක්වු අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජය ගැනීමෙන් පසු තමන් කියු දේවල් ක්‍රියාත්මක කළේ නම් ඔහු අදත් ජනාධිපතිවරයා ලෙස සිටින බවයි.

තමන් කියු දේ දැන් හිටපු ජනාධිපතිවරයාට මතක් වනවා ඇති බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම තමන් ඝාතන සංස්කෘතියට විරුද්ධ බවද අමාත්‍යවරයා පවසයි.

ජනාධිපතිධූරයට සහ අග්‍රාමාත්‍යධූරයට පත් කළේ හොද නායකයින් දෙදෙනෙකු බවත් ඔළුවේ ඉන්න මැක්කෝ වගේ නායකයින් දෙදෙනාගේ ඔළු කන සමාජිකයින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

ජනවාරි 08 විප්ලවය විනාශ කරන්න මාන බලන පිරිසතක් සිටින බවත් තමන් එම විප්ලවය කළේ ජිවිත පරදුවට තබමින් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නායකයින්ටත් අතීතය අමතක වී ඇති බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ රජයේ සමගිය විනාශ කිරිමට මාන බලන ද්‍රෝහීන් පිළිබඳව තව කෙටි දිනකින්  සියළු තොරතුරු හෙළි කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

Shiran Viraj

එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…

Shiran Viraj

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj