mediahumanrights.lk
Local NewsNews

නාරාහේන්පිට පාරක් ගිලා බසී

නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ.
අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් ද ගිලා බැස ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද පොලීසිය පැවසීය.
මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර යන ප්‍රදේශවල දැඩි රථවාහන තදබයක් ද හටගෙන ඇති බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

Shiran Viraj

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj

ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකට

Shiran Viraj
Translate »