mediahumanrights.lk
Local NewsNews

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊයේ(09) රාත්‍රී  9.45ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී මෙම වන ගැටී ඇත.
මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රියට කිසිදු හානියක් සිදුවී නොමැති අතර අනතුරට පත් වන අලියා බරපතළ තත්ත්වයේ පසුවන බව අප වාර්තාකරු සඳහන් කළේය.
අනතුරට පත් වන අලියාට ප්‍රථිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයේ පිරිසක් පැමණි ඇති අතර මේ වන විට ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

Shiran Viraj
Translate »