mediahumanrights.lk
Local NewsNews

අද සිට වැසි අඩුවන ලකුණු

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI)  අද(11) උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1200 පමණ දුරින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් ආන්ද්‍රා  ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් අද පෙරවරුවේදී ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

Shiran Viraj

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

Shiran Viraj
Translate »