2026-01-22
mediahumanrights.lk
BusinessBusiness News

වාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන වියදමේ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
2018 අප්‍රේල් මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
 
මීට අමතරව, බස් රථ සහ ට්‍රැක්ටර් වැනි වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන ආනයනය ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයනයද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
 
ඒ අනුව සමස්තයක් ලෙස 2018 අප්‍රේල් මාසයේ ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අංක දෙකක වර්ධනයක් වාර්තා කරමින් ඇ.ඩො.මිලියන 1,794ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….

Shiran Viraj
Translate »