31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින් අට දෙනෙකු අඟුලාන අංජු නැමති පාතාල කල්ලි ප්‍රධානියාගේ ගෝලයින් බව ය.
 
සෙසු පිරිස මාකඳුර මධුෂ් නැමැත්තාගේ ගෝලයින් බව ද ඔහු පවසයි.
 
මේ අතර අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී තවත් පාතාල කල්ලි සාමාජිකයින් තුන් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
එම බලකාය සදහන් කළේ, මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයින් 6 දෙනෙකු විදේශගතව සිටින බව ය.
 
ඔවුන් අතර අංගොඩ ලොක්කා හා මාකඳුර මධුෂ් යන අය ඉන්දියාවේත්, අඟුලාන අංජු ඩුබායි රාජ්‍යයේත් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
කෙසේ වෙතත් විදේශගතව සිටින ලඩියා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක යන පාතාල කල්ලි නායකයින් කුමන රටක සැඟවී සිටින්නේදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත.
 
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලාකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
 
මේ අතුරින් කොස්ගොඩ සුජී හා මධුෂ් යන පුද්ගලයින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.
 
මේ අතර මසක් තුළ කළ මෙහෙයුම්වලින් ගිනි අවි 6ක් ද සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.

(under the courtesy of newsfirst.lk web)

Related posts

ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයි

Shiran Viraj

මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

Shiran Viraj

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ගැන ජනපතිගෙන් විශේෂ තීන්දුවක්!

Shiran Viraj
Translate »