2026-01-22
mediahumanrights.lk
NewsSportsSports News

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

ශ‍්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා.

චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි.

තරගයේ 03 වන දිනයේදී පන්දුව මාරු කිරීමට ගිය අවස්ථාවේදී එහි තත්ත්වය පිළිබඳ ඇති වූ මතභේදාත්මක සිද්ධියත් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පිටියට පිවිසීම පවා ප‍්‍රතික්ෂේප කළා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය එම සිද්ධිය පාදක කරගනිමින් පන්දුවේ ස්වභාවය මත චන්දිමාල්ට ඊයේ (17) චෝදනා එල්ල කළා. ඒ, තරගයේදී ලබාගත් වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් චන්දිමාල්ට එරෙහිව කිසියම් පියවරක් ගන්නේදැයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

මේ අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය ඊයේ නිමා වුයේ කොදෙව්වන්ට වඩා තවත් කඩුලූ දෙකක් අතැතිව ලකුණු 287ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්.

දෙවන ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකාව කඩුලූ 08කට ලකුණු 334ක් රැස්කරගෙන සිටියා. කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා.
තරගයේ අවසන් දිනය අදයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය

Shiran Viraj

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

Shiran Viraj

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj
Translate »