28.4 C
Colombo
2026-02-27
mediahumanrights.lk
NewsPolitical

හිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්

යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරය භාරගන්නා ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රිවරයා එය ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
දැනට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ තිලක් මාරපනයි. ඔහු යටතේ පැවති සංවර්ධන කාර්යය භාර අමාත්‍යංශයේ කාර්යයන් හා වගකීම් සාගල රත්නායක අමාත්‍යවරයා වෙත පවරා ඇතැයිද වාර්තා වුණා.
සංවර්ධන කාර්යය භාර අමාත්‍යංශයේ ලේකම් ධූරයේ කටයුතු කල දර්ශණා සේනානායකද ආපදා කළමණාකරණ අමාත්‍යංශයට මාරුකර ඇතැයි සඳහන්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

Shiran Viraj

පියසිරි රාමනායක වයඹ ක්‍රීඩා ඇමති ධූරයට

Shiran Viraj

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

Shiran Viraj
Translate »