mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මම ජනප්‍රිය වුණේ 'කූඹියෝ' නිසා

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රියත්වයට සම්මානනීය ඇගැයීමක් ලැබීම ගැන සතුටක් ඇති.
ඔව්. ඒ ගැන මට සතුටුයි.ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ ජනප්‍රිය දේවල්, හරසුන් දේවල් බවට පත් නොවී, මතවාදයක් හදන්න පුළුවන්, සංවාදයක් ගොඩනඟන්න පුළුවන්, සමාජ, දේශපාලන කියැවීමක් ඇති දේවල් ජනප්‍රිය වීම ගැන සුබවාදී අදහසක් මේ සම්මානය එක්ක අපට තියාගන්න පුළුවන්.
‘කූඹියෝ’ ජනප්‍රිය ටෙලි නාට්‍ය කරවීමට සහ ඔබව ජනප්‍රිය නළුවා කරවීමට සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ලොකු උත්සාහයක් ගත්තා. ඒ නිසා ජනප්‍රිය සම්මානය තමන්ට හිමි වෙයි කියන බලාපොරොත්තුව තිබුණද?
මිනිස්සු මට මනාප දීම සම්බන්ධයෙන් කැමැත්තක් මට තිබුණා. නමුත් මේ සම්මානය මට ලැබෙයිද නැද්ද කියන එක ගැන අදහසක් තිබ්බේ නෑ. එස්.එම්.එස්. මත විමසුම කියන්නේ අපිට පෙනෙන දෙයක් නෙවෙයි. ඒක කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය නැරැඹුවේ රූපවාහිනි ප්‍රේක්ෂකයෝ නෙවෙයි. ඩිජිටල් මාධ්‍ය ඇසුරු කරපු අය. මේ සම්මානය ලැබීම ගැන අදහසක් තිබ්බේ නැතත් සම්මානය ලැබීම ගැන සතුටක් තියෙනවා.
වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන මාධ්‍ය තුනම තුමිඳු ස්පර්ශ කරලා තියෙනවා. නමුත් ඔබ වඩාත්ම ජනප්‍රිය වුණේ කූඹියෝ නිසා නේද?

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Related posts

ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

Shiran Viraj

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

Shiran Viraj

ජනතා මුදල් ගසා කාපු අය පන්නලා පිරිසිදු චරිත මන්ත්‍රීවරුන් කරගන්න ජනතාවට අවස්ථාව උදාවෙලා – ඇමති මහින්ද අමරවීර

Shiran Viraj
Translate »