mediahumanrights.lk
Local NewsNews

ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටු

ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා වන්නේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටි අවස්ථාවේදී සැකකරු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර පසුගිය වසරේ කොස්ගොඩ ලොකූ නමැති පාතාල නායකයාට එල්ලවූ වෙඩි ප්‍රහාරයේද චෝදනා එල්ලවූයේ “සරා මල්ලී” වෙතයි.
වැලිපැන්න මීගම ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් සිදුකළ එම වෙඩිතැබීමෙන් කොස්ගොඩ ලොකූ එම ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.
ඔහු කොස්ගොඩ සුජී හා දකුණේ පාතාල කල්ලි නායක මදුෂ් සමඟ ද හිතවත්කම් පැවැත්වූ අයෙකු ලෙසට ප්‍රසිද්ධයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj

2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතට

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj
Translate »