25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

ඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටු

ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා වන්නේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටි අවස්ථාවේදී සැකකරු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර පසුගිය වසරේ කොස්ගොඩ ලොකූ නමැති පාතාල නායකයාට එල්ලවූ වෙඩි ප්‍රහාරයේද චෝදනා එල්ලවූයේ “සරා මල්ලී” වෙතයි.
වැලිපැන්න මීගම ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් සිදුකළ එම වෙඩිතැබීමෙන් කොස්ගොඩ ලොකූ එම ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.
ඔහු කොස්ගොඩ සුජී හා දකුණේ පාතාල කල්ලි නායක මදුෂ් සමඟ ද හිතවත්කම් පැවැත්වූ අයෙකු ලෙසට ප්‍රසිද්ධයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

Shiran Viraj

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj
Translate »