25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
International NewsNews

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා විසින් අභ්‍යවකාශයට යවන ලද යානා, චන්ද්‍රිකා වලින් නිර්මාණය වුන අපද්‍රව්‍ය ටොන් 7500 කට වැඩ පෘතුවිය වටා කරකැවෙමින් තියෙනවා.
පැරණි සහ අක්‍රීය යානාවන් සිට කුඩා ඇණ, යානාවලින් ගැළවී ගිය තීන්ත පතුරු වැනි කවර හෝ ද්‍රව්‍යයකට දැනට සක්‍රියව තියෙන චන්ද්‍රිකා සහ යාන වලට හානි කරන්න පුළුවන්. ඒ නිසා අභ්‍යවකාශයේ තියෙන කුණු එකතු කරන්න ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් දියත් කෙරෙන අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටත් කරලා තියෙනවා.
මේ උපකරණය නම් කරලා තියෙන්නේ ‘රිමූව්-ඩෙබ්‍රීස්’ එහෙම නැත්නම් ‘කසළ රැස්කරණය’ කියලා. කිලෝ 100 ක් පමණ බරකින් යුත් මෙම ‘රිමුව්-ඩෙබ්‍රීස්’ යානය, SpaceX Falcon 9 රොට්ටුවේ නංවා පෘථිවියෙන් පිටත් කළේ පහුගිය සඳුදා. ඊයේ එම යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟා වුණා.
‘රිමූව්-ඩෙබ්‍රීස්’ උපකරණය සතුව අභ්‍යවකාශයේදී කසළ හඳුනා ගැනීමේ සහ රැස්කිරීමේ තාක්ෂණයෙන් සමන්විතයි. එළඹෙන මැයි මාසයේදී එහි පරීක්ෂණ ක්‍රියාවළිය ආරම්භ කිරීමට අභ්‍යවකාශගාමීන් සූදානමින් ඉන්නවා.
මේ තියෙන්නේ ‘රිමූව්-ඩෙබ්‍රීස්’ උපකරණයේ ක්‍රියාකාරිත්වය ගැන හදපු ග්‍රැෆික් වීඩියෝවක්.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්

Shiran Viraj

සෑම අධිවේගී මාර්ගයකටම පිටකොටුවෙන් ප‍්‍රවේශ මාර්ගයක්

Shiran Viraj

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj
Translate »