mediahumanrights.lk
International NewsNews

වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයි

ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් ප්‍රදේශයේ නිවසක සිය මව සමග නිදාගෙන සිටියදී වදුරෙක් විසින් පැහැර ගෙන ගිය දින 16ක් වයසැති ළදරුවාගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිදක තිබි ඊයේ (01) රාත්‍රියේ සොයා ගත් බවට පොලිසිය සඳහන් කරනවා.
බිළිඳා සොයා ගැනීම සඳහා පෙරේදා (31) සිට පොලිසිය, වන සංරක්ෂණ නිළධාරින්, සහන කණ්ඩායම් හා ගම්වාසින් එක්ව විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
මිය ගිය ළදරුවාගේ සිරුර මරණ පරික්ෂණය සදහා යොමු කර ඇති බව ඔඩිස්සා ප්‍රාන්ත පොලිසියේ ප්‍රකාශකයෙක් මාධ්‍යට සඳහන් කර ඇති බවද සඳහන්.
………………………………………………………
මව්තුරුලේ සිටි බිළිදාව වදුරෙක් පැහැරගෙන යයි
(01-04-2018 19:24)
ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් දිස්ත්‍රික්කයේ සිය මව සමග නිවසේ නිදාගෙන සිටි දින 16 ක් වයසැති දරුවෙකු වදුරෙක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කරනවා.
ඊයේ (31) උදෑසන තම නිවසේදී මෙලෙස වදුරා විසින් කුඩා දරුවා පැහැරගෙන යන අයුරු දරුවාගේ මව දැක තිබෙන අතර ඇයගේ කෑගසිමත් සමග ගම්වාසින් එක්ව දරුවා සෙවීමට උත්සහ කලත් එය මෙතෙක් සාර්ථක වී නැති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම පිළිබඳව ගම්වාසින් කල දැනුම් දීමත් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බළධාරීන් හා ගිනි නිවීමේ භටපිරිස් පැමිණ ගම්වැසියන් සමග එක්ව අසල පිහිටි ඩම්පාඩේ රක්ෂිතය තුල හා අවට ප්‍රදේශයන්හි මේවන විට දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
“දරුවාට මොරගසා හඩන විට වනාන්තරයේ තිබෙන ශබ්ද සමග ඔහුගේ කටහඬ අපට ඇසෙන්නේ නැහැ, ඒ නිසා වනාන්තරය තුළ ඔහු සොයා ගැනීමට අපහසු වී තිබෙන බව” ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉහල නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබෙනවා.
මීට දින කිහිපයකට ඉහතදී මෙම දරුවා පැහැර ගැනිමට ලක්වූ ප්‍රදේශය ආසන්නයේදී වදුරන්ගේ පහර දීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවත්, වන සංරක්ෂණ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදැක්වූ බවට ගම්වාසින් චොද්නා කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Shiran Viraj

රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

Shiran Viraj

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Shiran Viraj
Translate »