mediahumanrights.lk
BusinessBusiness NewsNews

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ.
උද්ධමනයෙහි මේ වන විට දක්නට ඇති හිතකර සංවර්ධනයන් හේතු කර ගෙන මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත පරිදි වේ.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 7.50%
ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ණය වර්ධනය ඉහළ දැමීමක් අපේක්ෂා කෙරේ. මෙය මහ බැංකුව විසින් ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක දී ගනු ලබන තීරණයකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයි

Shiran Viraj

අනතුරින් 1ක් මරුට

Shiran Viraj

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

Shiran Viraj
Translate »