mediahumanrights.lk
International NewsNews

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති ‘සෞදිය’ අලුත් වෙයි

සෞදි අරාබිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ලෝකයේ ඉහළම තෙල් අපනයන කරුවෙක් වන සෞදි අරාබිය මේ වන විට නව දැක්මක් සහිතව නව ගමනක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම නව ව්‍යාපෘතිය හරහා රටේ තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථාවන් උත්පාදනය කර දීමයි.

ඒ අනුව අක්කර 8,400 ක විශාලත්වයෙන් යුත් විනෝද නගරයක් (entertainment city ) ගොඩනැගීමටයි සෞදි අරාබිය අද (29) ආරම්භ කරනු ලැබුවේ. සෞදියේ රියාද් අගනුවරට  නිරිත දෙසින් වන්නට පිහිටුවීම සඳහා සැලසුම් සකස් කර තිබෙන මෙම නව නගරය සදහා වාර්ෂිකව සංචාරකයින් මිලියන 1.5 කට අධික පිරිසක් පැමිණෙනු ඇති බවයි සෞදි බලධාරින් පවසන්නේ.

මෙම නව විනෝද නගරය ඩිස්නිලන්තයට වඩා දෙගුණයක විශාලත්වයෙන් යුක්ත බවයි පැවසෙන්නේ. මෙම නව නගරයේ ඉදිකිරීම්වල පළමු අදියර වසර 2022 දී විවෘත කිරීමට නියමිතයි.

ජල ක්‍රීඩා, මෝටර් රථ ක්‍රීඩා, ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන, සාප්පු සංකීර්ණ ඇතුළු නවතම අංගෝපාංගවලින් මෙම විනෝදාස්වාද නගරය සමන්විත බවයි එහි සැලසුම් කරුවන් පවසන්නේ.

මෙම ව්‍යාපෘතියට අමතරව රාජ්‍ය දේපල ආයෝජන කිරීමෙන් තවත් ව්‍යාපෘති දෙකක් ආරමිභ කිරීමටද නියමිතයි

එම ව්‍යාපෘති දෙක වන්නේ ඊජිප්තුව හා ජෝර්දානය දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 500 ක ව්‍යාපාරික හා කාර්මික කළාපයක් ඉදිකිරීමට නියමිත අතර අනෙක් ව්‍යාපෘතිය වන්නේ රතු මුහුදේ, කොරල් පර පිහිටුවීම සහා දුපත් 50 ක් තුල සංස්කෘතික උරුම ස්ථාන පිහිටුවීම යි.

දැඩි ඉස්ලාමිය නිතිය යටතේ පැවති රටක් වන සෞදි අරාබිය නව ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නිදහස් අදහස් සමග එම රටේ ආර්ථිකය නගා සිටුවීම හා සාක්ෂරතාවය ඉහල නැංවීම සහ ඛනිජ තෙල් ආපනයන ආර්ථිකයෙන් මිදී මිශ්‍ර ආර්ථිකයක් කරා රට ගෙන යාමට  ඔහු විසින් කටයුතු කරමින් සිටින බවයි ආර්ථික විශේෂඥන් සඳහන් කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

Shiran Viraj

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Shiran Viraj

පුහුණු එක්දින තරඟය අද

Shiran Viraj
Translate »