mediahumanrights.lk
Local News News

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල් මෙන්ම ශි‍්‍ර ලංකාවේද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව ඊයේ පස්වරුවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතමින්.

දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශි‍්‍ර ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය, සාමානාත්මතාව ප‍්‍රවර්ධනය හා තිරසර සංවර්ධනය යන ඉලක්කයන්ට ළඟා වීම සඳහා ජනතාවට අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප‍්‍රතිලාභ ලබා දිය හැකියි. එය ස්ථාවර සහ තිරසර අනාගතයක් උදා කර ගැනීමට ඇති මාර්ගය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විධායක සභා සැසිවාරය පැවැති ලන්ඩන් නුවර ශාලාව ඉදිරිපිට මාර්ගයේ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් ඊයේ විරෝධතාවකද නිරත වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කරමින්. එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුලූ ඉල්ලීම් 03ක්ද අරමුණු කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Shiran Viraj

ඩයනා කුමරිය මැරුවේ මමයි – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය මෙන්න

Shiran Viraj