mediahumanrights.lk
Local NewsNews

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා මෙරටට එවන ලෙස එමීර් රාජ්‍යයෙන් ඉල්ලා ඇති බව ය.
ඒ අනුව එමීර් රාජ්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනේ පසුගිය 26 වනදා ය.
මීට පෙර අවස්ථාවකදී ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි වෙත ගිය ද ඔහු මෙරටට රැගෙන ඒමට නොහැකි විය.
ශ්‍රී ලංකාවට රුසියාවෙන් මිග් යානා මිලදී ගැනීමේදී සිදුවු මුදල් වංචාවක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා විභාගවන නඩුවක සැකකරුවෙකි.
ඒ, සම්බන්ධයෙන් පවතින නඩු විභාගයට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.
අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

(under the courtesy of newsfirst.lk web)

Related posts

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

Shiran Viraj

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj
Translate »