mediahumanrights.lk
Local News News

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, පෞද්ගලික අයැදුම්කරුවන්ට අප්‍රේල් 12 වන දා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි බව ය.
මේ වන විට නැවත සමීක්ෂණය සඳහා සුළු අයැදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj

ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවට

Shiran Viraj