mediahumanrights.lk
Local NewsNews

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා 3ක් මුල් කරගෙනය.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සමරනවා.

මීට අමතරව බුඳුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවටයි බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.

ඒ අනුව සිරිපා වන්දනා සමය වෙසක් පොහෝය දිනයෙන් නිමාවට පත්වෙයි.

1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්යනන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වෙසක් පුන් පොහෝ දිනයේ දී ආගමික මධ්‍යස්ථාන සහ අනෙකුත් ආයතන කෙන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙයි.

මේ යටතේ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් දන්සැල් පැවැත්වීම, බෝධි පූජා, පහන් පූජා පැවැත්වීම, අසරණයින්ට පිහිටවීම වැනි කටයුතු ද සංවිධානත්මකව සිදුවෙයි.

වෙසක් තොරණ ඉදිකිරීම, පහන් කූඩු ප්‍රදර්ශනය ආදිය වෙසක් සතියේ දී සියලුදෙනාගේ අවධානයට ලක් වේ.

මෙවරත් රටපුරා වෙසක් කලාප රැසක් පැවැත්වෙයි.

Related posts

කොළඹ ගිලා බැසීමේ අවදානමක්- මේ ගැන ඔබ දැනුවත්ද?

Shiran Viraj

මව ඝාතනය කර හදවත ආහාරයට ගත් සිත්පිත් නැති අජාසත් පුත්‍රයා

Shiran Viraj

කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]

Shiran Viraj
Translate »