mediahumanrights.lk
Local NewsNews

ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සිතියම යාවත්කාලීන කිරීම 2016 වසරේ මුල සිට ආරම්භ කෙරුණා. එය මේ වසරේ අවසන් කිරීමට නියමිතයි. මෙලෙස ශ්‍රී ලංකා සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීමද විශේෂත්වයක්.

මෙම කටයුතු අනුව ශ්‍රී ලංකා සිතියම කොටස් 92කට වෙන් කොට සිදුව ඇති වෙනස්කම් සම්බන්ධ සංශෝධන සිදු කෙරෙනවා. ඉන් කොටස් 70වක සංශෝධන මේ වන විට නිම කර තිබෙනවා.

මීට පෙර මෙම සිතියම්ගත කිරීම් සඳහා ගුවන් ඡායාරූප භාවිතා කළ අතර මේ වන විට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප සහ නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ ලබා ගත් ඡායාරූප භාවිතා කෙරෙනවා.

එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දශක දෙක තුළ සිදු වූ ජනගහන වර්ධනය, ඉඩම් පරිහරණය, මාර්ග ඉදිරිකීම්, මුහුදු ඛාදනය, සුනාමිය නිසා ඇති වූ භූගෝලීය වෙනස්කම් ශ්‍රී ලංකා සිතියම යාවත්කාලීන කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ හේතු වනවා. එමෙන්ම කොළඹ වරාය නගරය ඉදිකිරීමත් සමග රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2.69කින් වැඩි වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මැයි මස අවසානය වන විට මෙම සිතියම ප්‍රසිද්ධ කිරීමෙන් පසු මහජනතාව වෙත නිකුත් කරන්නට හැකි බවයි මැනුම්පති පී.එම්.පී උදයකාන්ත පෙන්වා දෙන්නේ. මෙහිදී කොළඹ නගරය ඇතුළත් වෙන සිතියම විශේෂිත වෙන බවද සඳහන් කෙරුණා.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද පැවසෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

Shiran Viraj

මීට පස්‌සේ අංජු කියන්න එපා…

Shiran Viraj

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

Shiran Viraj
Translate »