27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේ

හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසනවා. එම ආයතන පිහිටුවීමේ දිනය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.
හෙට (20) සිට පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා අවශ්‍ය උපදේස දැනටමත් පළාත් කොමසාරිස්වරුන්ට ලබා දී ඇති බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළා.
කිසියම් පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය හැකි ආකාරය පිළිබඳව ද අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිළි කළා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම පැවැත්වුනේ ඉකුත් පෙබරවාරි මස 10 වනදායි. ඒ අනුව හෙට සිට පළාත් පාලන ආයතන පිහිටුවීම ආරම්භ වන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසිම පවත්වා දින 38කට පසුව වීමද විශේෂත්වයක්.
දිස්ත්‍රික්ක 24ක් සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට මේවනවිටත් කටයුතු සිදු කර අවසන්.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක් වූයේ කාන්තා නියෝජනයයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ මෙවර මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි. මේ, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක‍ෂ කීර්ති තෙන්නකෝන්.
කාන්තා නියෝජනය සියයට 25ක් නොමැති පළාත් පාලන ආයතන පවතින්නේ ඉතා අවම සංඛ්‍යාවක් බවද සඳහන්.
පළාත් පාලන ආයතනවලට පත්ව ඇති කාන්තා නියෝජනයෙන් ඵලදායී සේවයක් ලබා ගැනීම සියලූදෙනාගේ වගකිම බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.
සියයට 25ක් නොමැතිවුවද අවම වශයෙන් සියයට 15ක කාන්තා නියෝජනයක් හෝ පැවතීම අගය කළ යුතු කරුණක් බවද සඳහන් වුණා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අදාළ සභික නාම ලේඛණයද හෙට (19) වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

Shiran Viraj

සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – Video

Shiran Viraj

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Shiran Viraj