32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

''නුවරඑළිය ජලයේ 100% අසුචි මිශ්‍රයි ''

නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්‍ෂාවෙන් එම ජල සාම්පල්වල සියයට සියයක්ම අසුචි මිශ්‍ර බව හෙළි වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ‍ වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සේනක තලගල මහතා,
“නුවරඑළිය ප්‍රදේශයට දේශීය විදේශීය සංචාරකයන් ලක්‍ෂ‍ ගණනින් එනවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් පෙනෙන්න නැහැ. සම්බන්ධීකරණ කමිටු හෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අප අවධාරණය කරනවා. අඩුම වශයෙන් ජනාධිපතිතුමාගේ අවධානය හෝ දිනා ගනිමින් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
නුවරඑළිය මහනගර සභාවට ලැබෙන මුදල ගැන පමණක් සිතා කටයුතු කිරීම ඇරෙන්න මෙම ජල පද්ධතිය වැඩිදියුණු කිරීමට හිතන්නේ නැහැ. ජනතාවට පිරිසුදු පානීය ජල සැපයුමක් ලබාදීම වගේම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති කිරීම නුවරඑළිය මහනගර සභාවෙත්, එහි සෞඛ්‍ය අංශයේත් වගකීමක් වෙනවා.
මෙම වගකීම පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි ඉටු කරන්නේ නැත්නම් ඒ සඳහා මැදිහත්වීමට අපට බලයක් තිබෙනවා. මෙම කමිටුව ඉල්ලීමක් කරනවා නම් ඕනෑම වෙලාවක අපි ඊට ඉදිරිපත් වෙන්න සූදානම්” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

Shiran Viraj

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj
Translate »