2026-01-13
mediahumanrights.lk
Local NewsNews

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි

දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.
ඉකුත් සිකුරාදා දිනයේද ඔහුට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කර තිබුණා.
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු එදින අමාත්‍යාංශයට ගියද විදේශ කටයුතු ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මුණ ගැසීමට හැකි වී නැහැ. ඒ, ලේකම්වරයා කාර්යය බහුලව සිටි බැවින්. ඒ අනුවයි අද දිනයේද ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා ඇත්තේ.
මීට අමතරව බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අද දිනයේ යුද හමුදාපතිවරයා ද මුණ ගැසීමට නියමිතයි. මෙහිදී අදාළ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කිරිමක් පමණක් සිදුවන බවයි  මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.
ශී‍්‍ර ලංකාවේ 70වන නිදහස් දිනය යෙදී තිබූ දිනයේ ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් පිරිසකට සිය නිල ඇඳුමේ තිබූ සිංහ ධජය සහ ගෙල පෙන්වා අභිනයක් සිදු කිරීම හේතුවෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු දැඩි කතා බහකට ලක්වුණා.
අදාළ මතභේදාත්මක සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටවූ අතර පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ඔහු යළිත් එම රාජකාරීවල පිහිටුවනු ලැබුවා.
මේ අතර බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකාවට කැඳවීමට එරෙහිව සහ දෙමළ ඩයස්පෝරාවට විරෝධය පළ කරමින් බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් විරෝධතාවකද නිරත වුණා.
ඒ, වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදීයි.
මෙම විරෝධතාව සඳහා යුරෝපයේ තවත් රටවල් රැසක ශී‍්‍ර ලාංකිකයින්ද එක්ව සිටීම විශේෂත්වයක්. විරෝධතාව අතරතුර බි‍්‍රතානව්‍යයේ වෙසෙන එල්. ටී. ටී. ඊ. හිතවාදීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ ඊලාම් කොඩිය ප‍්‍රදර්ශනය කිරිමත් සමග උණුසුම් තත්ත්වයක්ද ඇතිවූ බවයි වාර්තා වුණේ.
මේ අතර නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසුවේ දැනට ලන්ඩනයේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි.  ලන්ඩන්යේ වර්තමාන තත්ත්වය යටතේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය කරන්නේ කෙසේදැයි සොයා බලන බවද යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Shiran Viraj

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

Shiran Viraj

ධනවත් රටවල මූල්‍ය සහ තාක්‍ෂණීක සහාය අපේක්ෂා කරනවා…

Shiran Viraj
Translate »