mediahumanrights.lk
NewsPolitical

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ යහපත් කළමනාකරණය පිළිබදව වෙනස්කම් රැසක්ම සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ පිළිබඳව තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ඒ අනුව පත් කළ, සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු නව පාලනාධිකාරිය හා සේවක සෙවිකාවන් සංස්ථාවේ දියුණුව සඳහා නාස්තිය අවම කරමින් උපරිම කැපවීමෙන් යුතුව කාර්යක්ෂමව කටයුතු කිරීම නිසා, වසරින් වසර ලාභය වැඩි කර ගැනීමට හැකි වුණා. ඒ අනුව 2015 වසරේදී රුපියල් මිලියන 10.5 ක ලාභයක් වාර්තා කළ අතර, එය 2016 වසරේදී රුපියල් මිලියන 43.8 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුණා. එය ගෙවී ගිය 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා වූ මාස 09 කාලය තුළ රුපියල් මිලියන 80.7 (රු.80,668,754.00) දක්වා ලාභය වර්ධනය කර ගැනීමට හැකි වුණා. මෙම ලාභාංශය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 84 ක ප්‍රතිශතයකින් වර්ධනය වීමක් වෙනවා. ඒ වගේම 2017 වසරේදී සංස්ථාව ලැබූ සමස්ත වෙළෙඳ ආදායම රුපියල් මිලියන 3,385.2 ක් වෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 23 ක වර්ධනයක් වෙනවා යැයි ද අමත්‍යවරයා සඳහන් කරයි.

(under the courtesy of news.lk news web)

Related posts

අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..

Shiran Viraj

ගීත රූප රචනාවක්‌ ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…

Shiran Viraj

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Shiran Viraj
Translate »