mediahumanrights.lk
NewsSportsSports News

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි

ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් 05දෙනෙකුට නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිඛෙනවා. ඒ, නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාන්ඩෙයා යන ක්‍රීඩකයින් පස් දෙනාටයි.
දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඔවුන් විවේක ගැන්වීම සඳහා එකගතාවකට පැමිණි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ. ඒ අනුව නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ රෝහිත් ශර්මායි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 06වනදා ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී මාර්තු 18වනදා දක්වා එය පැවැත්වෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..

Shiran Viraj

අක්මාවට හොඳ කෝපි

Shiran Viraj

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

Shiran Viraj
Translate »