2026-02-12
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා  අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
ජනපතිවරයා අද (15) පෙරවරු 8.30ට ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව අවලංගු කරනු ලැබුවේ අදාළ ගිවිසුම අත්සන් කරන තෙක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයක් වන බවටත්, එජාපය හා ශ්‍රීලනිපය ඉදිරියටත් එකට ආණ්ඩු කරන බවටත් පැතිර ඇති පුවත් එජාපය විසින් පැලකරන ලද ඒවා බවත්, ඒවා අසත්‍ය බවත් ඔහු පැවසීය.
මහින්ද හා සිරිපාලට 117ක් !
ඒකාබද්ධ විපක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේවන විට මන්ත්‍රීවරු 117ක් සිටින බවද කී එම මන්ත්‍රීවරයා එජාපයේ තවත් ආසන සංවිධායකවරු පහක් මහින්ද සිරිපාල ආණ්ඩුවට එක්වන බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් නාම ලේඛණය ප්‍රමාදවීම හේතුවෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාදවෙමින් ඇති බවත්, අදාළ ගිවිසුම ලැබුණු වහා එය අත්සන් කර නව ආණ්ඩුව තනන බවද ඔහු කියා සිටියේය.
මේ ආණ්ඩුව දිගට ගියොත් සන්ධාන මන්ත්‍රී සහය නැතිවෙයි – සුසිල්
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යවෙත පවසා ඇත්තේ දැනට පවතින යහපාලන ආණ්ඩු රජය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් දැනට රජයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත කණ්ඩායමේ බහුතර සහය ආණ්ඩුවට නොලැබීමේ හැකියාවක් ඇති බවයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

Shiran Viraj

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

Shiran Viraj

අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයි

Shiran Viraj
Translate »