mediahumanrights.lk
Local NewsSportsSports News

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත්විය.
ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.
එම තරගයේදී තිසර පෙරේරා සිම්බාබ්වේ පිලේ කඩුලු 4ක් දවාගනිමින් හා නොදැවී ලකුණු 39ක් රැස්කරමින් වැඩි දස්කම් දැක්වීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම රැස්කළ ලකුණු 198 පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 202/5ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
පන්දුවාර 44.5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය සම්පූර්ණ කළේය.
කුසල් පෙරේරා (49), කුසල් මෙන්ඩිස් (36), දිනේෂ් චන්දිමාල් (38*) හා තිසර පෙරේරා (39*) ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය. පන්දු යැවීමෙන්ද තිසර පෙරේරා කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

Shiran Viraj

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Shiran Viraj

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj
Translate »