mediahumanrights.lk
NewsPolitical

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු  වීම විශේෂත්වයකි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු බැහැදැකීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න

Shiran Viraj

විජයකලාට ඇප (UPDATE)

Shiran Viraj
Translate »