23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ' – කෙහෙළිය

19 වන සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් අඩු කර ගත් වත්මන් ජනාධිපතිවරයා 2021 තෙක් බලයේ සිටිය හැකිදැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
එම සංශෝධනය සදහා එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224ක්ම අත ඉස්සූ බව ඔහු එහිදී කියා සිටියේය.
වසර හයක්ව තිබූ නිල කාලය වසර පහක් කරගෙන පොලොන්නරුවේ සිට රට පාලනය කිරීමට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා දැන් නිල කාලය දිගු කර ගත හැකිදැයි විමසන බවද ඔහු සදහන් කළේය.
කෙසේවෙතත් ව්‍යවස්ථාව අනුව 2020 ජනවාරි 08 වැනිදාට තුන් මාසයකට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කල යුතු බවත් රඹුක්වැල්ල මහතා පැවසිය.
ජනාධිපති එදා කිවේ මෙහෙමයි :
කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මෙම කාරනා සඳහන් කලේ, ජනාධිපති ධුරයට හිමි කාල සිමාව වසර හයේ සිට වසර පහ දක්වා අඩු කිරීමට තමා කටයුතු කල බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිට වසර කිහිපයකට පෙර කර තිබු ප්‍රකාශයක් සිහිපත් කරමිනි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ

Shiran Viraj

‘මේ ආණ්ඩුවේ පිස්සුවලට වගකියන්න බැ..’ ගුටි කෑවාද.. අස්වුනේ ඇයි..- ඉරාජ් මධ්‍ය අමතයි..

Shiran Viraj

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Shiran Viraj
Translate »