(under the courtesy of adaderana.lk news web)
ඉදිරි මාස කිහිපය තුළ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළීබද අමාත්‍යංශයේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා කුමන බාධා පැමිණියද විෂය භාර අමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බවයි.
නව වසරේ කාර්යයන් ආරම්භ කිරීම වෙනුවෙන් සේවකයින් පිරිසක් අමතමින් අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.