31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
NewsPolitical

එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (05) පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
කිසිඳු රාජ්‍ය ආයතනයක් සතු දේපළ, සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරිමට ඉඩ නොතැබීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
නව වසරට අදාළ සංවර්ධන ඉලක්ක සහ සැළසුම් වසර ආරම්භයේ සිටම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.
පසුගිය වසරේ අමාත්‍යංශය සඳහා වෙන් කර තිබූ මුදල් භාවිතයට නොගෙන ආපසු මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීම සිදුව ඇත්නම් ඒ පිළිබඳ ඉදිරියේදි වාර්තාවක් ලබා ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විෂය භාර අමාත්‍යවරුන් හා එහි ලේකම්වරුන් එකවර විදේශ ගතවීම නතර කරන ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

Shiran Viraj

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

Shiran Viraj

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj
Translate »