mediahumanrights.lk
Local NewsNews

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි.
දෙමළ පාසල් සිසුන්ට යුද හමුදා පුහුණුවක් අනවශ්‍ය බව කියමින් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍ය බට පුහුණුව සඳහා පාසල් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබුණි.
නමුත් මේ වසරේ ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය යාපනයේ මධ්‍ය  මහා විද්‍යාලය හා කිළිනොච්චියේ උරුතිරපුරම් මහා විද්‍යාල පුහුණු කටයුතු සදහා ලබා දී තිබේ.
යුද හමුදාවට අවශ්‍ය සියළුම පහසුකම් සලසා දෙන මෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පති වරුන්ට දැණුම් දීමෙන් පසුව පසුගියදා එම පාසල් වල ශිෂ්‍ය භටයින් පුහුණු කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාල වකවාණුවේදී උතුරේ පාසල් වල ශිෂ්‍ය භට පුහුණු කටයුතු තහනම් කොට තිබූ අතර කැඩෙට් නිලධාරීන් වශයෙන් පුහුණුව ලබා සිටි උතුරේ ගුරුවරුන්ටද එම සේවා කටයුතු වලින් ඉවත් වන ලෙස එල්.ටී.ටී.ඊ.සංවිධානය නියෝග කොට තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

Shiran Viraj

නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

Shiran Viraj

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි

Shiran Viraj
Translate »