mediahumanrights.lk
Local NewsNews

වැඩි මිලට බඩු විකුණන වෙළඳුන්ට වැඩ වරදියි

එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ  ලබාදීමේ අරමුණින් වෙලඳපොල වැටලීම් 1500ක් පමණ සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පළිබඳ අධිකාරිය පවසයි.
දිවයින පුරා සිටින එම අධිකාරියේ විමර්ශන නිළධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැටලම් සිදුකර ඇති බව සඳහන්ය.
මේ මස 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පාලන මිලක් පනවනු ලැබීය.
මයිසූර් පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 130ක්, කට්ටා කරවල කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් දහසක්, සාලයා කරවල කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 425ක් හා පොල් ගෙඩියක් රුපියල් 75ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කළේය.
පාලන මිලට අනුව එම භාණ්ඩ අළෙවි නොකළ වෙළඳසැල් 620කට එරෙහිව නඩු පැවරූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
පාලන මිල ක්‍රියාත්මක කිරීමේදී අධිකාරියේ නිළධාරීන්ට තම රාජකාරී කටයුතු ඉටු කිරීමට බාධා කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට

Shiran Viraj

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

Shiran Viraj
Translate »