mediahumanrights.lk
NewsPolitical

මෙවර සා.පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් දරුවන්ට අසාධාරණයක් වෙලා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය හරහා සිසුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
මෙවර සාමාන්‍ය පෙළ සඳහා පැවති ගණිතය ප්‍රශ්න පත්‍රයට ගණිතය විශය උගන්වන ගුරුවරයෙකුටද නියමිත කාලයට ලිවිය නොහැකි බවත් මෙම ප්‍රශන පත්‍රය තුළින් දරුවන්ට අසාධාරණයක් නොවන බවට අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කළ ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Shiran Viraj

සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාද

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj
Translate »