mediahumanrights.lk
News Political

පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය උපරිමයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, කිරින්ද – පුහුල්වැල්ල තිහගොඩ, කඹුරුපිටිය, දෙවිනුවර, දික්වැල්ල, මුලටියන සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමේ අවස්ථාවට අද (21) මාතරදී එක්වෙමිනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, කපිල ගමගේ, ගයාන් සංජිව, චන්දන ප්‍රියන්ත, රන්ජිත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මේ මැතිවරණය රටේ ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය විදියට මෙම මැතිවරණ ව්‍යාපාරය තුලින් සියලු දේශපාලන පක්ෂවලට ආදර්ශයක් දෙන්න  උනන්දු වන බව අමාත්‍යවරයා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..

Shiran Viraj

ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡා

Shiran Viraj

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj