mediahumanrights.lk
Local NewsNews

රන්ටැඹේ වාන් මට්ටමට ඇවිත්

අද (21) දිනයේද ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙනු ඇති.
නැගෙනහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් කළා.
සෙසු පළාත්වල සවස 2.00 න් පසු වැසි ඇති වෙනු ඇති බවයි විශ්වාස කරන්නේ.
පැවති වැසි හේතුවෙන් රන්ටැඹේ ජලාශයද වාන් මට්ටමට ළඟා වී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Shiran Viraj

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Shiran Viraj
Translate »