mediahumanrights.lk
Local News News

කුලියාපිටියේ මල් කැකුළක් අකාලයේ මිලිනකරලා

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිදියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිදක පාවෙමින් තිබියදී පියා විසින් අද (22දා)සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක දැරියකි.
එම දැරියගේ සීයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි කුලියාපිටිය පොලිසිය සැක පලකරන්නේ.
සිද්ධිය වූ දින රාත්‍රියේ මෙම සැකකාර සියා බීමතින් සිට ඇති අතර දැරිය නිදා සිටියදී හැද සිටි බව කියන කමිසය ළිදෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණ ආරම්භකළ බව කුලියාපිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමග කුලියාපිටිය පොලිසිය විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සළසා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවෙ වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්

Shiran Viraj

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Shiran Viraj

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj