30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

කතිරෙ ගහන්න කලින් තම පක්ෂපාතීත්වය ගැන සිතා බලන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට පක්ෂද නැතිනම් විපක්ෂ ද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා කරන මෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අද(14) දින නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.
2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිව යන ඡන්ද පෙළක ආරම්භය වනු ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කර ඇති බවත්, 19 වන සංශෝධනයේ 49(1)(ආ) වගන්තියෙන් ඒ වෙනස වත්මන් ජනාධිපතිවරයාටද බලපාන ආකාරයට  ප්‍රකාශිතව විශේෂ විධිවිධාන සලසා ඇති බවත් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
එම නිසා වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020ජනවාරි 9 වන දායින් අවසන් වන අතර ව්‍යවස්ථාවේ 31(3) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි, මාසයකට නොඅඩු කාළ පාරාසයක් තුළ දී බව ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙකී ව්‍යවස්ථාමය ප්‍රතිපදාන අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 නොවැම්බර් 9 ත් දෙසැම්බර් 9ත් අතර බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාමයෝජනා කැඳවීම වැනි කාරණාවලට අවශ්‍ය කාලය සැලකිල්ලට ගත් විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය 2019 ඔක්තෝම්බර් මාසය වනවිට ආරම්භ විය යුතු  අතර, 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡන්දයත්,2019 ඊළඟ ජනාධිපතිවරණ ක්‍රියාවලයේ ආරම්භයත් අතර ඇත්තේ මාස 18ක් වැනි කාලයක් බව ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර,කල්දමා ඇති පළාත් සභා ඡන්ද පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවනු ඇති බවත් සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා දැනටමත් විසුරුවා හැර තිබෙන අතර ලබන වසරේදී උතුරු හා වයඹ පළාත් සභාත් ස්වයංක්‍රියව විසිරුවා හැරෙනු ඇති බවත් සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ උතුරු නැගෙනහිරින් ලැබූ බහුතර ඡන්දයෙන් නිසා එම පළාත් දෙකේ පළාත් සභා නොමැතිව වත්මන් බලධාරීන්ට ජනාධිපතිවරණයකට මුහුණ දීමට නොහැකි බව ද සඳහන් කරයි.
මේ අනුව 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් පසු මාස ගණනක් තුළ පළාත් සභා ඡන්දයත්, ඉන්පසු තවත් මාස කිහිපයකට පසු ජනාධිපතිවරණයත් වශයෙන් ඡන්ද පෙළක් එනු ඇති බවට අපේක්ෂා කළ හැකි අතර, රටේ බලය ලබාගෙන මේ හවුල් ආණ්ඩුව කර ඇති වින්නැහිය ගැන අමුතුවෙන් කිව යුතු නැතැයි ද සඳහන් කර තිබේ.
රට පාලනය කරගැනීමට නොහැකි බව මේ එජාප-ශ්‍රිලනිප ආණ්ඩුව ඇස් මනාපිට ඔප්පු කර තිබියදීත් ගමේ බලය ඔවුන් ඉල්ලා සිටින්නේ කුමකටදැයි සියලුම ඡන්දදායකයන් කල්පනා කර බැලිය යුතු බව ද මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.

Shiran Viraj

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj