mediahumanrights.lk
Local NewsNews

ඔබේ ATM කාඩ්පතත් 'ස්කිමර් ඩිවයිස්' වංචාවට හසුවෙන්න පුළුවන් – අවදානයෙන් සිටින්න

ව්‍යාජ ලෙස සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගයි.
ඔවුන් කුළී පදනම මත ලබාගත් වෑන් රථයකින් ගොස් ව්‍යාජ ලෙස සකස් කළ ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් මෙම වංචාව සිදුකර ඇත්තේ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්.
බැංකු පරිශ‍්‍රයේ පිටත සිටින මෙම පිිරිස මුදල් ලබාගැනීමට පැමිණෙන ගණුදෙනුකරුවන් නොමග යවා ඔවුන් සතුව ඇති ATM කාඩ්පත් පරීක්‍ෂා කිරීමට යැයි ලබාගෙන තිබෙනවා. ඒ, අදාළ බැංකුවේ ටෙලර් යන්ත‍්‍රයේ කිසියම් කි‍්‍රයාකාරකමක් සිදුවන බව අඟවමින්. ස්කිමර් ඩිවයිස් නමැති ඉතා කුඩා උපකරණයක් මගින් එලෙස ලබාගන්නා කාඞ්පතේ තොරතුරු උපයෝගී කර ගනිමින් සැකකරුවන් ව්‍යාජ ATM කාඩ්පත් සකස් කර ඇති බව පොලීසිය පවසනවා.
ඒවා යොදා ගනිමින් මාතලේ, මතුගම, පැල්මඩුල්ල, රත්නපුර, බදුරලිය, කහවත්ත, දංකොටුව, මාරවිල, නාත්තණ්ඩිය, පන්නල, කොච්චිකඩේ, ගම්පොළ සහ නාවලපිටිය යන ප‍්‍රදේශවල බැංකු සහ සුපිරි වෙළදසැල්වලින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන තිබුණා. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 7 කට ආසන්නයි.
පොලීිසිය  පවසන්නේ කිසිඳු අවස්ථාවක තමා සතු බැංකු කාඩ්පත් වෙනත් පුද්ගලයින්ට ලබා නොදෙන ලෙසයි. එමෙන්ම මෙවැනි ව්‍යාජ පුද්ගලයින්ට හසු නොවන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj

සංක්‍රමණිකයන් 200 ක් මුහුදේ ගිලී මියගිය බවට තොරතුරු

Shiran Viraj

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

Shiran Viraj
Translate »