2026-02-11
mediahumanrights.lk
NewsPolitical

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

ශ්‍රී ලංකාවේ හොඳම වර්ධනයක් හා ඵලදායිතාවක් ඇති ආයතන ය ලෙස ලකුණු 100 න් 100ම ලබාගෙන පළමු ස්ථානය දිනා  රන් පදක්කම හිමි කර ගැනීමට උතුරුපළාත් මහ ඇමැති කාර්යාලය සමත් වී  ඇත.
පාර්ලිමේන්තු පොදු කරක සභාව විසින් හඳුන්වා දී ඇති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු පාලාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාරයාල හා පලාත් පලන ආයතන ඇතුළු ජාතික ම්ට්ටමේ අයතනයන් හී ක්‍රියාකාරීත්වය ඇගයීමේ සම්මන ප්‍රධානෝත්සවය පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේදී  පැවැති අතර එහිදී උතුරු පාළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය මෙසේ ඇගයිමට ලක් විණි.
2015 වර්ෂය සඳහා දිවයිනේ ආයතන 831ක් අතුරින් යහපත් වර්ධනයක් පෙන්වු ආයතන 81ක් මෙහිදී රන්, රිදී පදක්කමින් හා ඇගයිමේ  සහතික පත්‍රවලින් පුදනු ලැබිණි.
උතුරු පළාත් මහ ඇමැති කාර්යාලයට අමතරව උතුරු පළාතේ තවත් ආයතන 6ක් රන් පදක්කම් දිනා ගත් අතර එයින් ආයතන 4ක්ම ලකුණු 100න් 100ම දිනා ගෙන පිළිවෙළින් 2, 3, 4,5 යන ස්ථානත් ආයතන දෙකක් ලකුණු 99ක් හා ලකුණු 95ක් හිමි කරගනිමින් 6,7 ස්ථානත් කරගෙන තිබුණි.
ඒ අනුව උතුරු පළාත් සෞඛ්‍ය අමත්‍යංශය 2 වැනි ස්ථානයත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුදල් කාර්යාලය 3වැනි ස්ථානයත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 4වැනි ස්ථානයත්  වාරිමාර්ග දෙපාර්තමෙන්තුව 5වැනි  ස්ථානයටත් පත් වී ඇති අතර පශු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 6වැනි ස්ථානයටත්  මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව 7 වැනි ස්ථානයටත් පත් වී ඇත.
යහපත් මූල්‍ය කළමනාකරණය අගයමින්
නල්ලූර් ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ ප්‍රාදේශීය සාභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව පච්චලේ පල්ලි ප්‍රාදේශීය සභාව සහ කරයිතුරේ පත්තු ප්‍රාදේශීය සභාව සහතික පත්‍ර හිමි කරගෙන ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

Shiran Viraj

කොරෝනා තවත් ඉහල නගී…

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj
Translate »