mediahumanrights.lk
Local NewsNews

"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයි

පෙත්සම ඉදිරිපත් කිරීම ජනතා අයිතියක් බවත් තම පක්ෂය ජන්දයකට සූදානම් බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“රටේ ජනතාවට පෙත්සමක් ඉදිරිපත් කරන්න තියෙන අයිතිය උදුරා ගන්න අපිට අයිතියක් නෑ.නමුත් රජයක් හැටියට අපි සුදානමින් ඉන්නවා මැතිවරණය තියන්න.ඒ විතරක් නෙවෙයි අපි ප්‍රාදේශීය දේශපාලන නායකයෝ හැටියට,ආසනයක් සංවිධානය කරන අය හැටියට අපි නම් සූදානම් මොකද අපේ අපේක්ෂකයෝ කියන්නේ ජන්දේ කල් දාන්න එපා ජන්දේ ඉක්මනටම තියමු කියලා.මොකද දැන් අපිත් ජන්දය ඇඟට අරන් තියෙන්නේ.ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා කොහොමහරි ජනවාරි මාසයේ අග වෙනකොට මැතිවරණය පවත්වයි කියලා.අපින් සුදානමින් ඉන්නේ මැතිවරණයට.අපේ කිසිම ගැටළුවක් නෑ.ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් අපිට මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා.කිසිම ප්‍රශ්නයක් නෑ.මමනම් කියන්නේ ජන්දය පුළුවන් තරම් ඉක්මනට පවත්වන්න ඕනේ කියලා.මේ මැතිවරණය විවෘත මැතිවරණයක්.”

(under the courtesy of asianmirror.lk news web)

Related posts

රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..

Shiran Viraj

පලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…

Shiran Viraj

රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලා

Shiran Viraj
Translate »