23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තමන් දෙමළ ජාතික සන්ධාන ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.
කුමන පාර්ශ්ව මැදිහත් වූවත් තමන්ගේ තීරණයේ කිසිඳු වෙනසක් නොවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
තම පක්ෂය සම්බන්ධ කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට දෙමළ ජාතක සන්ධානය ක්‍රියාත්මක වී ඇති බවත් තමන්ගේ විශ්වාසය කඩ කළ පක්ෂයක් සමග තමන් ඉදිරියේ දී කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය පළාත් පාලන මැතිවරණයට තනිව තරග කරන බවට පසුගියදා ප්‍රකාශ කළා.
මෙහිදී උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර පිළිබඳ ගැටලූ සම්බන්ධයෙන් ද ගැටළු මතු වුණා.
පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි බව පවසමිනුයි ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රිවරයා පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීමට තීරණය කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..

Shiran Viraj

සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..

Shiran Viraj

කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

Shiran Viraj
Translate »