mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයි

ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ චෝදනා කරනවා.
මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට ගිය අවස්ථාවේදී තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු මිශ්‍ර පැහැයක් ඇති බව දක්නට ලැබී තිබෙනවා. එහි භූමිතෙල් ගඳ වහනය වී ඇති බවද එම තරුණයා පවසා තිබෙනවා. නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.
එම අවස්ථාවේ එහි පැමිණි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරික්ෂා කළ බවත් එහෙත් පෙට්‍රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.
ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු යැයි පැවසූ පුද්ගලයකු සඳහන් කළේ භූමිතෙල් කලවම් වී වාහන නැවතී ඇත්නම් ඒවා පෙන්වන ලෙසයි.
මෙම ඉන්ධන, සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බවුසර් රථයෙන් පෙට්‍රල් ලබාගත් සැනින් ගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගඳ වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයිදැයි ඇසිය යුත්තේ පිරවුම්හල්වලින් නොව සංස්ථාවෙන් බවයි කළමනාකාරවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
කෙසේවෙතත් වාහන හිමියන් විසින් මෙම සිද්ධිය නාවුල පොලිසියටද දන්වා තිබෙනවා.
එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරකු බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි වෙනත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් රැගෙනවිත් පොලීසියට සහ කළමනාකාරවරයාට පෙන්වූ අතර  එහි වර්ණය සහ විවිධ සේවා සමුපකාර සමිතියේ පිරවුම්හලෙන් ලබාගත් පෙට්‍රල්වල වර්ණයේ පැහැදිළි වෙනසක් දැකගත හැකි වී තිබෙනවා.
පොලීසියේ නිලධාරීන් ද පවසා ඇත්තේ අදාළ පිරවුම්හලේ පෙට්‍රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවයි. පසුව එම ස්ථානයේදීම වාහන හිමියන් විසින් ලබාගත් ඉන්ධන සිය මෝටර් රථවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
පොලිස් නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට දන්වා ඇත්තේ තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවතන ලෙසත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Shiran Viraj

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj
Translate »