mediahumanrights.lk
Local NewsNews

සැර වැඩි මත්පැන් බදු වැඩි වෙයි – සැර අඩු මත්පැන් බදු අඩු වෙයි

මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව පැවසීය.
එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා පහත දැක්වේ.
මුළු මත්පැන් පරිභෝජනයෙන් 49% ක් නීතිවිරෝධී මත්පැන් වන අතර 85% කට වැඩි ප්‍රමාණයක් සැර මත්පැන් වේ.
කෙසේ වුවද බොහෝ රටවල්වල සිය බදු ව්‍යූහය සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටය.
එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කෙරේ.
මධ්‍යසාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය පාදක වූ සූත්‍රයක් මත අපගේ බදු ව්‍යූහය යථාවත් කෙරේ.
එසේම මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් 01 සිට පැනවීමට කටයුතු කෙරේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]

Shiran Viraj

ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයි

Shiran Viraj

විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj
Translate »