mediahumanrights.lk
NewsPolitical

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීරණයකට එළඹ තිබේ.
ඒ අනුව අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය ලබාදෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දීම සඳහා සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව ගැන රටේ ජනතාව බරපතල කළකිරීමට පත්ව සිටින අවස්ථාවක එම ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීම පළක් නොවන බවටද මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඉන් අනතුරුව විශේෂ තීන්දු තීරණ කිහිපයක්ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ගෙන තිබිණි.
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකඟතාව පළ වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Shiran Viraj

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

Shiran Viraj

අදත් දුම්රියක් කොට උඩ

Shiran Viraj
Translate »